පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය බෙදූ පිරිසක් කොටු

පාසල් දරුවන්ට මත්පෙති හා මත්ද්‍රව්‍ය බෙදූ පිරිසක් කොටු

by Staff writer 22-02-2020 | 3:15 PM

COLOMBO ( News 1st ) - පාසල් දරුවන් ඉලක්ක කර මත්පෙති හා මත්ද්‍රව්‍ය බෙදා හරින කණ්ඩායමක් පොලීසිය අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කළ වැටලීමකදී ය. කළුතර, උතුර නාගස්හන්දියේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ යතුරු පැදියක් ද සමග ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි වයස 24 සහ 27 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව සිදුකළ සෝදිසි කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී මත්පෙති 2300 ක් සහ හෙරොයින් ග්‍රෑම් 3 ක් පොලිස් භාරයට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ කළුතර උතුර පොලිස්ථානයට භාර දී තිබේ.