දේශපාලන පළිගැනීම් විමසන කොමිසමට පැමිණිලි 1200ක්

දේශපාලන පළිගැනීම් විමසන කොමිසමට පැමිණිලි 1200ක්

by Staff writer 22-02-2020 | 7:13 AM
COLOMBO (News 1st) : 2015 ජනවාරි 9 සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින්ට සිදුවූ දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසම වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි 1200 ක් ලැබී තිබේ. එම කොමිසමේ සභාපති රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ කොමිසම වෙත පැමිණීලි භාරගැනීම මේ මස 25 වැනිදායින් අවසන් වන බවයි. දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පැමිණිලි දිනය මාර්තු දීර්ඝ කර තිබේ. පසුගිය 06 වනදා ආරම්භවූ එම කොමිසමට පැමිණිලි භාරගැනීම පෙරේදා දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණ. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට කොමිසම වෙත දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 529 ක් ලැබී ඇති බවයි. මෙම ජනාධිපති කොමිසමේ සභාපතිත්වය දරන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා වන අතර විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් ය.