ජලසම්පාදන මණ්ඩලයෙන් කෙටි පණිවුඩ සේවාවක්

ජල ගාස්තු ඇතුළු හදිසි අත්හිටුවීම් ගැන දැන ගැනීමට කෙටි පණිවුඩ සේවාවක්

by Staff writer 22-02-2020 | 9:45 AM
COLOMBO (News 1st) : හදිසි අත්හිටුවීම් ඇතුළු තොරතුරු දැනුම් දීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කෙටි පණිවුඩ සේවාවක් අරම්භ කර තිබේ. ජලසම්පාදන මණ්ඩලය පැවසුවේ, පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම කඩින් කඩ ලබා දීමට සිදුවිය හැකි අතර ඒ පිළිබඳ තොරතුරු මෙම සේවාව ඔස්සේ ජනතාවට දැන ගැනීමට හැකි වනු ඇති බවයි. ඒ සඳහා ප්‍රථමයෙන් ඔබේ ජංගම දුරකථනයෙන්, ජල බිල්පතේ ගිණුම් අංකය යොදා 071 93 99 999 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමුකර ලියාපදිංචි විය යුතු වේ. නොමිලේ ක්‍රියාත්මක මෙම සේවාව මගින් මාසික ජල බිල්පත් ගාස්තු, හදිසි අත්හිටුවීම ඇතුළු සේවා රැසක තොරතුරු සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.