කීඩෑ උවදුරින් පීඩාවට පත් ගලෙන්බිඳුණුවැව ගොවීන්

කීඩෑ උවදුරින් පීඩාවට පත් ගලෙන්බිඳුණුවැව ගොවීන්

by Staff writer 22-02-2020 | 9:18 PM

COLOMBO (News 1st ) - ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් කීඩෑ උවදුරක් නිසා පීඩාවට පත්ව ඇත.

ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුරුළුවැව යටතේ කුඹුරු අක්කර 10,400ක් පමණ වගා කරන අතර ඔවුන් පසුගිය කාලය තුළ පොහොර ගැටලුවෙන් හා වන අලි තර්ජනයෙන් මෙන්ම ජල හිඟයෙන් ද පීඩා විඳියි. මෙම ගොවීන් මෙම කන්නයේ වගා කටයුතු සිදු කළේ දහසක් බලාපොරොත්තු සමගිනි. මේ වනවිට ඔවුන් සති කිහිපයක සිට පැතිරී යන කීඩෑ උවදුරකට මුහුණ පා ඇත. ගැටලෑව, දුටුවැව ඇතුළු ප්‍රදේශ රැසක කුඹුරු අක්කර 2000කට පමණ මේ කීඩෑ උවදුරින් බලපෑම් සිදුව ඇති බව ගොවීන් පවසයි.