by Staff writer 22-02-2020 | 7:07 AM
COLOMBO (News 1st) : කොරියාවේ සේගු ප්‍රදේශයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා ආසාදනය වී නැතැයි කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
එහි කම්කරු හා සුබසාදන උපදේශක සෙනරත් යාපා මහතා පැවසුවේ කෙසේ වෙතත් මේ වන විට තානාපති කාර්යාලවය ඔවුන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි.
කොරෝනා ව්‍යාප්ත වෙමින් පවතින කොරියාවේ සේගු ප්‍රදේශයේ මේ වන විට ශ්‍රී ලාංකිකයින් දහසකට ආසන්න පිරිසක් වෙසෙන බව ඔහු පැවසී ය.
මේ අතර චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ. යෝගනාදන් මහතා පැවසුවේ, මේ වන විට චීනයේ ශ්‍රී ලාංකික සිසුන් 100 ක් පමණ වෙසෙන අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත බවයි.