ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන වාර්තාවක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් වාර්තාවක්

by Staff writer 21-02-2020 | 8:42 PM

COLOMBO (News 1st) - මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කළ 30.1 යෝජනාවේ කරුණු ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගනිමින් සම්පූර්ණ කරණු ඇතැයි බලාපොරාත්තුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය පවසන්නීය.

මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය මෙම මස අවසානයේ පැවත්වෙන අතර ඒ වෙනුවෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂ්ලේට් මහත්මිය වාර්තාවක් ප්‍රසිද්ධ කර තිබේ. එහි සඳහන් වන්නේ , ශ්‍රී ලංකාවේ මානව සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් පවත්වාගෙන යාමේ වර්ධනයක් දක්නට ලැබුණත් ආයතනික ප්‍රතිසංස්කරණ සහ ඳඩුවම් පැමිණවීමේ ක්‍රියාවලියේ දුර්වලතා නිසා මානව හිමිකම් යළි කඩවීමේ ඉඩක් ඇති බවයි. කෙසේවෙතත් මානව හිමිකම් කවුන්සිලයේ 30.1 සහ 40.1 යෝජනාවලින් ඉවත්වන බව රජය මේ වනවිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
පැහැදිලිව කැබිනට් එක අනුමැතිය අරන් කැබිනට් එකට යෝජනාව ගෙනල්ලා මොකද, එදා සමයෝජනා අමෙරිකාව එක්ක ගෙන්නලා කැබිනට් එක අනුමත කරෙත් නැහැ. පාර්ලිමේන්තුවට ගෙනාවෙත් නැහැ. නමුත් අපි ඒක අහෝසි කරන්න පර්ලිමේන්තුවේ අනුමැතිය ගත්තා කැබිනට් එකෙත් අනුමැතිය ගත්තා නමුත් අපි එදත් විරුද්ධ වුණා යෝජනාවට රට පවා දෙන යෝජනාවට. අදත් විරුද්ධයි .අපි පැහැදිලිව විරුද්ධයි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා
දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා කිව්වේ ජාතියේ ඉල්ලීම තමයි කිව්වා මේකෙන් ඉවත් වීම.එහෙමයි කිව්වේ පාර්ලිමේන්තුවේ අපි ඒ ගමනේ එළියට ආවම සමහර අය ඇහුවා එලියට ආවට පස්සේ මැතිවරණයට නම් හොදයි හැබැයි සැප්තැම්බර් මාසේ රටට නම් අමාරුයි කියලා. හිනාවෙලා ඔව් කියලා යනවා. මැතිවරණය සදහා ගහන ගේම් එකක් තමයි මේක. ඇයි මේ රට අර්බුදයකට යවන්නේ. ඡන්දෙ ටිකක් වැඩි කරගන්න. අනිත් එක ඔය සම අනුග්‍රහ යෝජනාව කරන්න සිද්ධ වුනු එක කාරණයක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බෑන්කී මූන් ලංකාවට ආපු වෙලාවේ යුද්ධය අවසාන කාලේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කලා ජාත්‍යන්තර ප්‍රජාවගේ අදහස් අනුව යෝජනා අනුව ඒකාබද්ධව කටයුතු කරනවයි කියලා. රටේ මිනිස්සුන්ට බොරු දේවල් පෙන්නලා රට ලෝකෙ ඉදිරියේ හෑල්ලුවට ලක් වෙන්න හදනවානම් හෑල්ලුවට ලක් වෙන්න කටයුතු කරන එකේ ප්‍රතිළුල ලංකාවට හම්බවෙයි. නිකන් හිතන්න ජී එස් පී අයින් කලොත් එහෙම කාටද වදින්නේ ඇගළුම් තකර්මාන්තයට.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා
අපේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනමාධ්‍ය වලට නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ කරගත්තු. 2015 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ජිනිවා වල මානව හිමිකම් කොමිසම හමුවට අමරිකා එක්සත් ජනපදය ගෙනාපු යෝජනාවකට එවකට හිටපු ආණ්ඩුව සමදායකත්වය දැක්වූවා. ඒකෙන් රටට හානියක් සිද්ධවෙලා තියනවා, පාවාදීමක් සිද්ධවෙලා තියනවා. අපි මේ අගමැතිතුමාගේ වගකීම් විරහිත ප්‍රකාශය අපි ප්‍රතික්ෂේප කරනවා. මේක සම්ර්ණයෙන්ම අසත්‍යයක්. ඒවගේම මේ වගකීමකින් තොරව ඔහු කරන ලද ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ප්‍රකාශය අසත්‍ය සාවද්‍ය තොරතුරු. ඒ නිසා අපි විරෝධය පළ කරනවා ඒකට. ඔහුගේ මේ වගකීම් විරහිත ප්‍රකාශය අපි හෙළා දකිනවා. ඒවෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ ඒ ආණ්ඩුවේ කොටස්කාරයෙක් නෙමෙයි. අපි ඒකට විරෝධතාවය පළ කළා. අපි ඒකට අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ගෝලබාලයන්ට අමතක වුණාට අපි පුවත්පත් සාකච්ඡාවක් තියලා මේ ආණ්ඩුව ගත්තු බරපතල වැරැද්ද පිළිබඳව අපි අපේ ස්ථාවරය පැහැදිලි කළා. මේක පට්ටපල් කෙබරයක් බොරුවක් වගකීම් විරහිත ප්‍රකාශයක්. ඒ නිසා අපි කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ඔහුගේ වයසට තනතුරට අනුව කටයුතු කළ යුතුයි කියලා.