වියළි කාලගුණයෙන් ජල සැපයුමට බාධා

වියළි කාලගුණයෙන් ජල සැපයුමට බාධා

by Staff writer 21-02-2020 | 3:36 PM

COLOMBO ( News 1st ) - පවතින වියළි කාලගුණයත් සමග ඇතැම් ප්‍රදේශවල අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, වියළි කාලගුණයත් සමග පානීය ජලය ලබාගන්නා ජලමූලාශ්‍ර රැසක් සිඳීයමින් පවතින බවයි. වියළි කාලගුණ තත්ත්වයත් සමග ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.