මෙටර ධීවරයින් පිරිසක් බංග්ලාදේශ අත්අඩංගුවට

මෙටර ධීවරයින් පිරිසක් බංග්ලාදේශ අත්අඩංගුවට

by Staff writer 21-02-2020 | 12:53 PM
COLOMBO (News 1st) : මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් බංගලාදේශ ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගත් මෙරට ධීවරයින් මුදා ගැනීම සඳහා රජය අවධානය යොමු කර තිබේ. වාසනා - 3 බහුදින ධීවර යාත්‍රාව පසුගිය 23 වන දා ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, එහි ඉන්ධන හිඟවීම හේතුවෙන් ත්‍රිකුණාමලයෙන් හා බේරුවලින් තවත් බෝට්ටු තුනක් වාසනා - 3 යාත්‍රාවට සහය දීමට පිටත්ව ගොස් ඇති බවයි. ඒ අනුව යාත්‍රා 4 රෙහි ධීවරයින් 27 දෙනෙකු සිටි තිබේ. ඔවුන් මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් පසුගිය 18වන දින බංගලාදේශ ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.