මාතලේ මාරක බස් අනතුරක්

මාතලේදී බස් දෙකක් ගැටී මගීන් 20ක් රෝහලේ

by Staff writer 21-02-2020 | 8:27 AM
COLOMBO (News 1st) : දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්දා පාසල අසලදී බස් රථ දෙකක් ගැටීමෙන් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් 43 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසක් රැගත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි. මිය ගොස් ඇත්තේ 11 හැවිරිදි පිරිමි දරුවෙක් හා 60 හැවිරිදි කාන්තාවකි. තුවාල ලැබූවෝ මාතලේ , දඹුල්ල හා නාලන්දා රෝහල්වල ප්‍රථිකාර ලබමින් සිටිති. පොලීසිය සඳහන් කළේ, තුවාලකරුවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි. තුවාලකරුවන් අතර බස් රථ දෙකේ රියැදුරන් ද වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/124430945653031/