විපක්ෂ නායකවරයා මහ නාහිමිවරුන් බැහැ දකී

"මහ නාහිමිවරුන්ගේ සහ ජනතා ඉල්ලීම සලකා මැතිවරණයට තරග කරන ප්‍රදේශය තීරණය කරනවා" - විපක්ෂ නායක

by Staff writer 21-02-2020 | 1:07 PM
COLOMBO (News 1st) : මහ නාහිමිවරුන්ගේ සහ ජනතාවගේ ඉල්ලීම සලකා බලා ඉදිරි මහා මැතිවරණයට තරග කරන ප්‍රදේශය තීරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ මල්වතු - අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/600357403874731/