ද. කොරියාව ආරක්ෂිත කලාප දෙකක් නම් කරයි

පළමු කොරෝනා මරණයත් සමග ද. කොරියාව ආරක්ෂිත කලාප දෙකක් නම් කරයි

by Staff writer 21-02-2020 | 2:20 PM
COLOMBO (News 1st) : කොරෝනා පිළිබඳ හදිසි තත්ත්වයකට සිය රට පත්ව ඇතැයි දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සේ කියුන් පවසයි. ඔහු සඳහන් කළේ දකුණු දිග ප්‍රදේශවල පිහිටි ඩිගූ සහ චෙන්ග්ඩෝ නගර, විශේෂ ආරක්ෂිත කලාප ලෙස නම්කර ඇති බවයි. නව ආසාදිතයින් 52 දෙනෙකු සොයා ගැනීමත් සමඟ දකුණු කොරියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 156 ක් දක්වා ඉහළ ගියේ ය. දකුණු කොරියානු හමුදා සෙබළුන් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී තිබේ. ඊට අමතරව දකුණු කොරියාවේ පළමු කොරෝනා මරණය ද ඊයේ වාර්තා වී තිබේ. චීනයෙන් මේ වන විට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 2236 කි. රෝගීන් 75 685 දෙනෙකු ද චීනයෙන් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.