ත්‍රිකුණාමලයේ පාසලක් අසල මළ සිරුරක්

ත්‍රිකුණාමලයේ පාසලක් අසල මළ සිරුරක්

by Staff writer 21-02-2020 | 11:44 AM
COLOMBO (News 1st) : ත්‍රිකුණාමලය පාලම්පටාර් පත්තිනිපුරම් ප්‍රදේශයේ පාසලක් අසලදී අද අලුයම මළ සිරුරක් සොයා ගැනිණ. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව එහි පැමිණි පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ අදාළ සිරුර මොල්ලිපතාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවටයි. ඔහු 35 හැවිරිදි දෙදරු පියෙකු බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. යම් පිරිසක් පහර දී මෙම පුද්ගලයා ඝාතනය කරන්නට ඇතැයි, පොලීසිය සැක පළ කරයි.