''තකනාමි'' නෞකාව කොළඹ වරායට

ජපාන නාවික හමුදාවේ ''තකනාමි'' නෞකාව කොළඹ වරායට

by Staff writer 21-02-2020 | 5:17 PM

COLOMBO ( News 1st ) - ජපාන නාවික හමුදාවට අයත් ''තකනාමි'' නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගනු ලැබිණි. නාවික හමුදාව සඳහන් කළේ, දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙරටට පැමිණි තකනාමි නෞකාවේ අණදෙන නිලධාරී යුචී නිහාරා මහතා ඇතුළු පිරිස බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමු වී සුහද පිළිසදරක නිරත වූ බවයි. එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. එම නෞකාව අනිද්දා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත ය.