කඩවත පොලිස් කොස්තාපල්ගේ ඝාතනයට දෙදෙනෙකු කොටු

කඩවත පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනයට දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 21-02-2020 | 6:29 PM

COLOMBO ( News 1st ) - කඩවත පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, 'සුද්දා' නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන 23 හැවිරිදි සැකකරුවෙකු සහ තවත් පුද්ගලයකු එලෙස අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධ වී ඇතැයි මෙතෙක් කරන ලද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. දින කිහිපයක් අතුරුදන්ව සිටි එම පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර පන්නල, වේරහැර, බුළුගොඩ කැලෑබද ප්‍රදේශයක තිබී අද උදෑසන කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සොයා ගනු ලැබ තිබේ.