පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්

එක්දින සේවය යටතේ පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්  

by Staff writer 21-02-2020 | 8:32 AM
COLOMBO (News 1st) : එක් දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත් භාරදී පැය 4 ක් ඇතුළත එම හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, එක්දින සේවාවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයින්ට ඔහුගේ හැඳුනුම්පත නිකුත් කළ පසු කෙටි පණිවිඩයක් මගින් ජංගම දුරකථනයට ලබා දීමට ද පියවර ගෙන ඇති බවයි. ඒ අනුව ඉල්ලුම්පත් භාරදීමෙන් පසු දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රැඳී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය. එක්දින සේවාවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා දිනකට පුද්ගලයින් 1500 කට අධික පිරිසක් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොළඹ කාර්යාලයට පැමිණෙන බව ද වියානි ගුණතිලක මහතා සඳහන් කළා ය. කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ,  ඔවුන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීමට මෙමගින් හැකිවනු ඇති බවයි.