අසාද් සාලිගේ ප්‍රකාශයට ශෂීන්ද්‍රගෙන් පිළිතුරු

අසාද් සාලිගේ ප්‍රකාශය පිළිබඳ ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ලිපියක්

by Staff writer 21-02-2020 | 9:33 PM

COLOMBO (News 1st) - අසාද් සාලි මහතා ඊයේ රාත්‍රියේ චමල් රාජපක්ෂ මහතාගේ පුත්‍රයින් දෙදෙනා පිළිබඳව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අප වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපියේ සඳහන් වන්නේ අසාද් සාලි මහතාගේ ප්‍රකාශය සාවද්‍ය හා නොමඟ යවන සුලු ප්‍රකාශයක් බවයි. චමල් රාජපක්ෂ මහතාගේ පුත්‍රයින් දෙදෙනා වන තමන් සහ තම සහෝදරයා කිසිඳු අවස්ථාවක එයාර් බස් ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා නොමැති බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි. ඔහු කියා සිටින්නේ අසාද් සාලි මහතා මෙම ප්‍රකාශය කර ඇත්තේ ද්වේශ සහගතව තම ප්‍රතිරූපයට හානි කිරීමේ චේතනාවෙන් බවයි. තමන්ගේ සහ පියාගේ ප්‍රතිරූපයටත්, තම දේශපාලන ආනාගතයටත් හානි කිරීමේ චේතනාවෙන් මෙම ප්‍රකාශය කර ඇති බව ද ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ලිපියේ සඳහන් ය.