අතුරුදන් කොස්තාපල්ගේ මළ සිරුර බුළුගහවත්තේ?

අතුරුදන් කොස්තාපල්ගේ බවට සැක කෙරෙන මළ සිරුරක් බුළුගහවත්තෙන් හමුවෙයි

by Staff writer 21-02-2020 | 8:54 AM
COLOMBO (News 1st) : දින කිහිපයක සිට අතුරුදන්ව සිටී කඩවත පොලීසියට අනුයුක්ත කොස්තාපල්වරයාගේ බවට සැකකෙරෙන මළ සිරුරක් පන්නල වේරැහැර බුළුගහවත්ත කැලෑබද ප්‍රදේශයක තිබී සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත එම මළ සිරුර අද උදෑසන සොයා ගත් බවයි. එම පොලිස් කොස්තාපල්වරයා පසුගිය සඳුදා සිට අතුරුදන් බව වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/903949136688988/