මාතලේදී බස් දෙකක් ගැටී මගීන් 20ක් රෝහලේ

මාතලේදී බස් දෙකක් ගැටී මගීන් 20ක් රෝහලේ

මාතලේදී බස් දෙකක් ගැටී මගීන් 20ක් රෝහලේ

කර්තෘ Staff writer

21 Feb, 2020 | 8:27 am

COLOMBO (News 1st) : දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්දා පාසල අසලදී බස් රථ දෙකක් ගැටීමෙන් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් 43 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසක් රැගත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

මිය ගොස් ඇත්තේ 11 හැවිරිදි පිරිමි දරුවෙක් හා 60 හැවිරිදි කාන්තාවකි.

තුවාල ලැබූවෝ මාතලේ , දඹුල්ල හා නාලන්දා රෝහල්වල ප්‍රථිකාර ලබමින් සිටිති.

පොලීසිය සඳහන් කළේ, තුවාලකරුවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

තුවාලකරුවන් අතර බස් රථ දෙකේ රියැදුරන් ද වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

මාතලේ අනතුරකින් දෙදෙනකු මරුට.., 43කට අධික පිරිසකට තුවාල

මාතලේ අනතුරකින් දෙදෙනකු මරුට…, 43කට අධික පිරිසකට තුවාල#lka #News1st #MataleAccident #SLI

Posted by Newsfirst.lk on Thursday, February 20, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]