හෝමාගම හිටපු දිසා විනිසුරුට වසර 16 ක සිර දඬුවම්

හෝමාගම හිටපු දිසා විනිසුරුට වසර 16ක සිර දඬුවම්

by Staff writer 20-02-2020 | 9:45 PM

COLOMBO ( News 1st ) - අල්ලස් චෝදනාවකට වරදකරුවන් වූ හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් වික්‍රම අබේසිංහ මහතාට සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වූ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණ අද බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවමක් නියම කළේ ය.

අල්ලස් ගැනීම සිදුව ඇත්තේ 2013 වසරේ මැයි 27 වැනිදා සහ 2019 වසරේ මැයි 31 වැනිදා අතර කාලය තුළදී ය. හෝටල් හිමියෙකුගෙන් රුපියල් ලක්ෂ 03ක අල්ලසක් ගැනීම හා ඊට ආධාර අනුබල ලබාදීම ඇතුළු අධිචෝදනා 4 ක් යටතේ හිටපු විනිසුරුවරයා සහ කොස්තාපල්වරයා විත්තිකරුවන් කර තිබුණි. අද ඔවුන්ට සිර දඬුවම් නියම කළේ, කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ය.