සෝභිත අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු කිරීමට අනුමැතිය

සෝභිත අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට අනුමැතිය

by Staff writer 20-02-2020 | 6:23 PM
COLOMBO (News 1st) : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන්නැයි ජනාධිපතිවරයා යොමුකර තිබූ නිර්දේශය අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරනු ලැබ තිබේ. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙහිදි මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ නාම යෝජනාව ද නිර්දේශ කෙරිණ. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ, ප්‍රසම්පාදන කොමිෂන් සභාව සඳහා ලීලසේන ලියනගම මහතාගේ නම ද අනුමත කර ඇති බවයි. මෙහිදි නම් කිහිපයක් ඉදිරිපත් වී තිබූ බව ද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ ය.