UNHRC 30/01 යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

by Staff writer 20-02-2020 | 10:00 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 30/01 යෝජනාව ශ්‍රී ලංකාවේ සමඅනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය. ඒ, දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.