ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සැකසූ දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සකස් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 20-02-2020 | 12:46 PM

COLOMBO (News 1st) - ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ ජාවාරමක නිරත වූ දෙදෙනෙකු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ජාවාරම පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කර දෙන්නැයි සැකකරුට දැනුම් දුන් බවයි. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී උපයා දූතයෙකු යොදා අදාළ හැඳුනුම්පත ලබාගැනීමට යාමේදී සැකකරු අත්අඩංගුවට ගැනිණි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට සම්බන්ධ තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලම්පිටිය සහ මරදාන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.