අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගනී

පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කළ අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගනී

by Staff writer 20-02-2020 | 12:24 PM

COLOMBO (News 1st) - අතුරු සම්මත ගිණුමට සංශෝධන එක් කරමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර තිබූ යෝජනාව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මීට ටික වේලාවකට පෙර ඉල්ලා අස්කර ගනු ලැබිණි.

ඒ සමගම පාර්ලිමේන්තුව ලබන මස 3 වැනි දා දක්වා කල් තැබුණි.