එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

by Staff writer 20-02-2020 | 12:48 PM

COLOMBO (News 1st) - මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 11 වැනි දා ආරම්භ කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීන්දු තිබේ.

මෙම නඩුව සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර ඇත. නඩුව අද කැඳවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් හමුවේදී ය.