ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 20-02-2020 | 6:20 AM

දේශීය පුවත්

1. විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට: විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කර තිබේ. 2. කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුමෙන් ඩොලර් ලක්ෂ 8 ක් නිමල් පෙරේරාගේ ගිණුමට: කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ ගිණුමෙන් ඩොලර් ලක්ෂ 8 ක්, සේබර් විෂන් හෝල්ඩින් සමාගම අයත් නිමල් පෙරේරා මහතාගේ ගිණුමට බැර වී ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි විය. 3. මැදවච්චිය වැවේ ගිළී පාසල් සිසුන් 4 ක් මරුට: කන්තලේ, ගෝමරංකඩවල, මැදවච්චිය වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් 4 දෙනෙකු මියගොස් තිබේ. 4. ශ්‍රී ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත් වීමට තීරණය කරයි: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිහ එක යෝජනාව සමඅනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට රජය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කළේ ය. 5. කොරෝනා වැළඳුණු චීන ජාතික කාන්තාව රෝහලින් පිටව යයි: කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පූර්ණ සුවය ලැබූ චීන ජාතික කාන්තාව පිටව යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

විදෙස් පුවත්

6. ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමට ඉන්දියාව සූදානමින්: ඉන්දියාවේ මිලියන ගණනක් ජනතාව තමන් පිළිගැනීම වෙනුවෙන් සූදානම්ව සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටී.