ගල්ගමුවේදී විදුලි සැර වැදීමෙන් ඇතින්නක් මරුට

ගල්ගමුවේදී විදුලි සැර වැදීමෙන් ඇතින්නක් මරුට

by Staff writer 20-02-2020 | 9:03 AM

COLOMBO (News 1st) - ගල්ගමුව ප්‍රදේශයේ අනවසර විදුලි රැහැනක ගැටී ඇතින්නක් මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, ගල්ගමුව, දෙමටැව ප්‍රදේශයට පැමිණි වන අලි රංචුවක සිටි වයස අවුරුදු 20 ක් පමණ වන ඇතින්නකි. ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මත ඇතින්න මිය ගොස් සිටි ස්ථානයට ගල්ගමුව වනජීවි කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඇත. ඇතින්න මිය ගොස් සිටියේ, ගල්ගමුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකයි. වනජීවි නිලධාරීන් පැමිණෙන විට අනවසර ඇද තිබූ විදුලි රැහැන් නොතිබූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. සැකපිට පෞද්ගලික ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.