කටුනායක අධිවේගය අසළ ගින්න නිවන්න ගුවන් සහය

කටුනායක අධිවේගය අසළ ගින්න නිවා දැමීමට ගුවන් හමුදාවෙන් හෙලිකොප්ටර්යක්

by Staff writer 20-02-2020 | 5:23 PM

COLOMBO ( News 1st ) - කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදූව ප්‍රදේශයේ හටගත් ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදාව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානායක් පිටත් කර යවා තිබේ.

මේ අතර කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව සම්පුර්ණයෙන් නවතා දමා ඇත. පොලීසිය සඳහන් කළේ, එම මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට මාර්ගයේ ආර් 17.2 සහ 18. 1 දක්වා කොටසේ ඇති වූ හදිසි ගිනි ගැනීම සමග අධික දුමාරයක් පැතිරයාම ඊට හේතු වී ඇති බව ය. මේ හේතුවෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළේය. මේ අතර පවතින රථවාහන තදබදය හේතුවෙන්, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇල දක්වා කොටසේ අද රාත්‍රී 8.00 දක්වා නොමිලේ රථවාහන ධාවනයට අවස්ථාව ලබා දී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.