ආචාර්ය මිරැන්ඩෝ අබේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

ආචාර්ය මිරැන්ඩෝ අබේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 20-02-2020 | 9:58 PM

COLOMBO ( News 1st ) - ප්‍රකට ඉතිහාස ගවේෂකයෙකු වූ ආචාර්ය මිරැන්ඩෝ අබේසේකර මහතා අභාවප්‍රාප්ත විය.

ගාල්ලේදී උපත ලැබූ මිරැන්ඩෝ අබේසේකර මහතා කොළඹ විශ්වවිද්‍යාලය සහ අමෙරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. මෙරට රාවණා පුරාවෘත්තය වත්මන් ලෝකයට හෙළි කිරීම සඳහා ඔහු කළ ගවේෂණය විචාකරකයින්ගේ දැඩි අවධානයට යොමු විය. රාවණා පුරාවෘත්තය ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍ර පිළිබඳව ග්‍රන්ථ 60 කට අධික සංඛ්‍යාවක් පළ කර ඇති ඔහු ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ විද්වතෙකි. මිය යනවිට 80 හැවිරිදි වියේ පසු වූ මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ දේහය මේ වනවිට මාතලේ, මාදිපොල, තලකිරියාව පිහිටි ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ. අවසන් කටයුතු හෙට මාතලේ, වල්ලිවෙල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත ය.