by Staff writer 20-02-2020 | 1:30 PM
Update: කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රථවාහන ගමනා ගමනය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව සම්පුර්ණයෙන් නවතා දමා තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට මාර්ගයේ ආර් 17.2 සහ 18. 1 දක්වා කොටසේ ඇති වූ හදිසි ගිනි ගැනීමක් සමග අධික දුමාරයක් පැතිරයාම ඊට හේතු වී ඇති බවයි.
මේ හේතුවෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සම්පුර්ණයෙන් වසා දැමීමට කටයුතු කළ බව පොලීසිය පැවසුවේ ය.
-----------------------------------------------------------------
COLOMBO (News 1st) - සීදුව කැළෑබද ප්‍රදේශයක පැතිර යන ගින්න හේතුවෙන් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල සිට කටුනායක දක්වා කොටස තාවකාලිකව වසා දමා තිබේ.
ඒ අනුව, කටුනායක දෙසට යන වාහන ජාඇල පිටවීමේ දොරටුවෙන් පිටවිය යුතුයි.
කොළඹ දෙසට ධාවනය කරන වාහන ජාඇල ප්‍රවේශ දොරටුවෙන් ඇතුළු වී කොළඹ දෙසට ධාවනය කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.