සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අත්හිටුවයි

සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අත්හිටුවයි

සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය අත්හිටුවයි

කර්තෘ Staff writer

20 Feb, 2020 | 10:28 am

COLOMBO (News 1st) – සයින්දමරුදු වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ, මුළු රටේම මෙවැනි තත්ත්වයන් නැවත සළකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.

සයින්දමරුදු නගර සභාව අහෝසි කරමින් ඉදිරියේදී ගැසට් නිවේදය නිකුත් කරනු ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]