by Staff writer 20-02-2020 | 9:34 AM
News 1st - ජර්මනියේ, හනාවු නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තව ත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තැබෑරුම් දෙකකට එල්ල වූ මෙම වෙඩි ප්‍රහාර සැලසුම් සහගතව කර ඇති බවට පොලීසිය සැක පළ කරන බවයි.
එක් තැබෑරුමකට වෙඩි තැබූ සැකකරුවන් මෝටර් රථයකින් පළා යන අතරතුර තව ත් තැබෑරුමකට ද වෙඩි තබා ඇතැයි වාර්තා වේ.
පළමු ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු සහ දෙවැනි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගියහ.
ප්‍රහාරවලට හේතූ මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ අතර ජර්මනියේ, ලැම්බෝයි දිස්ත්‍රික්කයේ ද තව ත් වෙඩි තැබීමක් සිදු ව ඇතත් ඉන් සිදු වූ හානි මෙතෙක් වාර්තා වී නැත.