එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

හංසයා ලකුණෙන් තරග වැදීම සඳහා වන එකඟතාවයට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

by Staff writer 19-02-2020 | 6:59 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරු 10.00 ට රැස්වෙයි.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය. එහිදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ 'සමගි ජන බලවේගය' ඉදිරි මහ මැතිවරණයේදී හංසයා ලකුණෙන් තරග වැදීම සඳහා වන එකඟතාවයන් කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ඇති. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ එකඟතාවයන් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට දැනුම් දෙන බවයි.