"සජිත්ගේ නායකත්වයෙන් සන්ධානගතව තරග කරනවා"

"සජිත්ගේ නායකත්වයෙන් මහ මැතිවරණයට සන්ධානගතව තරග කරනවා" - ලක්ෂ්මන් කිරිඇල්ල

by Staff writer 19-02-2020 | 12:47 PM

COLOMBO (News 1st) - ඉදිරි මහ මැතිවරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සන්ධානගතව තරග කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. අද පෙරවරු 10.00 ට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය. සන්ධානගතව හංසයා ලකුණින් තරග කිරීමට ඇති හැකියාව පිළිබඳ මැතිවරණ කොමිසම සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව මන්ත්‍රී කිරිඇල්ල මහතා පැවසුවේය. ඔවුන් අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමට නියමිතයි.