වෝහාරික විගණනයේ කල්තැබීමේ විවාදය දෙවන දිනටත්

වෝහාරික විගණන වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද දෙවැනි දිනටත්

by Staff writer 19-02-2020 | 7:12 AM

COLOMBO (News 1st) - මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධව සිදු කර ඇති වෝහාරික විගණන වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද දෙවැනි දිනටත් පැවැත්වේ.

මේ අතර රුපියල් මිලියන 367 ක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා වන යෝජනාවක් ද ආණ්ඩුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ බලධාරීන් අද කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, එයාර් බස් ගනුදෙනුව පිළිබඳ කරුණු විමසීමට ඔවුන් කැඳවූ බවයි.