විජිත රවිප්‍රිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

by Staff writer 19-02-2020 | 8:14 PM

COLOMBO (  News 1st ) - විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ අද පස්වරුවේ ඒ මහතා එම ධුරයට පත් කළ බවයි. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා සිය යුද හමුදා සේවා කාලය තුළ රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවේ තනතුරු රාශියක් හොඹවා තිබේ. මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා අවසන් වරට වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති තනතුර ද හොබවා ඇත.