දුම්රිය ගමන්වලදී විශ්‍රාමිකයින්ට නව පහසුකමක්

විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට අද සිට නව ක්‍රමවේදයක්...

by Staff writer 19-02-2020 | 2:14 PM

COLOMBO (News 1st) - විශ්‍රාමිකයින්ට සෘජුවම දුම්රිය ස්ථානවලින් අද සිට නිදහස් ගමන් ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම සඳහා පහසුකම් සැළසීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ, විශ්‍රාමිකයින් වෙත උසස් සහ කඩිනම් සේවයක් ලබාදීමේ අරමුණිනි. මින් පෙර පැවති ක්‍රමයට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාගන්නා නිදහස් දුම්රිය ගමන් ප්‍රවේශ පත්‍ර අයැදුම්පත, සම්පූර්ණ කිරීමේන් අනතුරුව නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කොට නිදහස් දුම්රිය ගමන් ප්‍රවේශ පත්‍ර ලබාගත යුතු වේ. අප කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, විශ්‍රාමික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් නිදහස් දුම්රිය ගමන් ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බවයි. විශ්‍රාමිකයින්ගේ තොරතුරු ඇතුළු සියලු දත්ත දුම්රිය දේපාර්තමේන්තුව යටතේ මේ වනවිට පරිගණක ජාලගත වී ඇත. මෙහි නියමු ව්‍යාපෘතිය අද දිනයේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ විය.