විනිසුරු පිලපිටියගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

වැඩ තහනමට ලක්ව සිටින විනිසුරු පිලපිටියගෙන් රීට් ආඥා පෙත්සමක්

by Staff writer 19-02-2020 | 6:16 PM
COLOMBO (News 1st) : තමා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ. සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් එම අතුරු ආඥාව නිකුත් කරන ලෙසත් තමාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට කර ඇති නියෝගය පෙත්සම් විභාගයෙන් අනතුරුව, රිට් ආඥාවක් මගින් අහෝසි කරන ලෙසත් පෙත්සම්කාර ගිහාන් පිලපිටිය මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී. එම පෙත්සම අද සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති ඒ. එච්. එම්. ඩී. නවාස් හා අර්ජුණ ඔබේසේකර යන විනිසුරු මඩුල්ල එය හෙට දිනය දක්වා කල් තැබී ය. වැඩබලන පොලිස්පතිවරයාට හෙට දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට පෙත්සම් පාර්ශවයට අධිකරණය අවසර ලබා දුන්නේ ය.