මහ මැතිවරණයට රුපියල් කෝටි 500 කට අධික වියදමක්

මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 500 කට අධික වියදමක් - මැතිවරණ කොමිසම

by Staff writer 19-02-2020 | 7:23 AM

COLOMBO (News 1st) - ඉදිරි මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 500 කට අධික මුදලක් වැයවෙනු ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු රජයට දැනුම් දෙන බවයි. මේ අතර එළඹෙන මහ මැතිවරණයට අදාළ මූලික ලියකියවිලි සකස් කිරීම මේ වනවිට සකස් කරමින් පවතින බව ද ඔහු පැවසීය. මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2019 ඡන්ද හිමි නාම ලේඛනය මත පදනම්වයි.