'වැල්ලේ සුරංග'ගේ ඥාතියෙකු මට්ටක්කුලියේදී STF දැලේ

පාතල කල්ලි නායක 'වැල්ලේ සුරංග'ගේ ඥාතියෙකු මට්ටක්කුලියේදී STF අත්අඩංගුවට

by Staff writer 19-02-2020 | 10:38 AM

COLOMBO (News 1st) - පාතල කල්ලි නායක 'වැල්ලේ සුරංග' නැමැත්තාගේ ඥාතියෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) අත්අඩංගුවට පත්විය.

ඒ, අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් ද සමගයි. සැකකරු ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් කප්පම් ගැනීමේ නිරතව ඇති බව ද පරීක්ෂණවලදී හෙළිවිය. අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මට්ටක්කුලිය පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.