ත්‍රස්තවාදයකට හෝ ආගමික අන්තවාදයකට ඉඩ නෑ

ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදයක් බිහිවීමට ඉඩ තියන්නේ නෑ - ජනපති

by Staff writer 19-02-2020 | 5:52 PM

COLOMBO ( News 1st )  -  නැවත ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදයක් බිහිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, රට හදන “සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට අද එක්වෙමින් ය. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විශාල ජාලයක් හඳුනාගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා පැවසුවේ, තරුණ පරපුර ඉන් මුදා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ඇති බවයි.