පොලීසියේ 26,000කට උසස්වීම් දෙන්න අනුමැතිය

තව ත් පොලිස් නිලධාරීන් 26,000 කට උසස්වීම් ලබාදීමට අනුමැතිය

by Staff writer 19-02-2020 | 10:14 AM

COLOMBO (News 1st) - තව ත් පොලිස් නිලධාරීන් 26,000 කට උසස්වීම් ලබාදීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

එහි ලේකම් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේ, පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා වූ නිලධාරීන් සඳහා මෙම උසස්වීම් ලබා දෙන බවයි. පසුගිය වසරේ ජූලි මස 01 වැනි දා සිට මේ වසරේ ජනවාරි 01 වැනි දා දක්වා කාලය පදනම් කර ගනිමින් මෙම උසස්වීම් ලබාදීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවිය. ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ, ඊයේ ලබාදුන් තම අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ උසස්වීම් නුදුරේදී ලබා දෙනු ඇති බවයි.