ජාතික පාසල් වාර මැද ගුරු ස්ථාන මාරු අත්හිටුවයි

ජාතික පාසල්වල වාර මැද ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 19-02-2020 | 9:53 PM

COLOMBO  (News 1st ) -  ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරුකිරීම තාවකාලිකව නතර කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් ක‍ළේ, සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා සැලකිල්ලට ගෙන ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් කළ ඉල්ලීම සළකා බලා මෙම තීරණය ගත් බවයි. ඉදිරියේදී වර්ෂයට අදාළ ගුරු මාරු ක්‍රියාත්මක කරන දිනය දැනුම් දෙන අතර ගුරු ස්ථන මාරු සඳහා නව විද්‍යූත් යෙදවුමක් හදුන්වාදීමට ද අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.