කපිල සහ බිරිඳ ප්‍රියංකා යළි රිමාන්ඩ්

කපිල සහ බිරිඳ ප්‍රියංකා යළි රිමාන්ඩ්

by Staff writer 19-02-2020 | 5:00 PM
COLOMBO (News 1st) : ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය ලබන 4 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 6 වනදා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගැනිණ. ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගෙන එය ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට විශුද්ධිකරණය කළ බව කියන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබේ.