කටුනායක සහ සීදුවට පැය 18ක ජල කප්පාදුවක්

කටුනායක සහ සීදුවට පැය 18ක ජල කප්පාදුවක්

by Staff writer 19-02-2020 | 2:54 PM
COLOMBO (News 1st) : ජා-ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශවලට හෙට පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, කැලණි ගඟ දකුණු ඉවුරේ ජල ව්‍යාපෘතියේ නළ පද්ධතියේ වැඩි දියුණු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. ඒ අනුව ජා-ඇල, ඒකල, කඳාන, ආනියකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවළපිටිය, මාටාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිය, දික්ඕවිට, උස්වැටිකෙයියාව, පමුණුගම සහ බෝපිටිය යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.