දහවල් කාලයේදී අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනය තහනම්

අර්ධ සුඛෝපභෝගී බස් ධාවනය රාත්‍රියට පමණක් සීමා කෙරේ

by Staff writer 19-02-2020 | 11:51 AM

COLOMBO (News 1st) - අර්ධ සුඛෝපභෝගී බස් සේවාව රාත්‍රී 7.00 සිට අලුයම 6.00 දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව දහවල් කාලයේදී අර්ධ සුඛෝපභෝගී බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ඇති බවයි. කෙසේ වෙතත් එම කාලසීමාව තුළ ද ධාවනයට එක් කළ හැක්කේ කිලෝමීටර් 200 කට අධික දුරක් ගමන් කරන බස් රථ පමණි. ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන පත්‍රිකාවකින් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිත අතර ඒ අනුව, කිලෝමීටර් 200 ට අඩු දුරක් ධාවනය කරන අර්ධ සුඛෝපබෝගී බස් රථ සඳහා අවසර හිමි නොවන බව ද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.