රාජ්‍ය ආයතනවල සුදුසුකම් සම්පුර්ණ කළ කොන්ත්‍රාත් සේවකයින් ස්ථිර කිරීමට තීරණයක්

රාජ්‍ය ආයතනවල සුදුසුකම් සම්පුර්ණ කළ කොන්ත්‍රාත් සේවකයින් ස්ථිර කිරීමට තීරණයක්

රාජ්‍ය ආයතනවල සුදුසුකම් සම්පුර්ණ කළ කොන්ත්‍රාත් සේවකයින් ස්ථිර කිරීමට තීරණයක්

කර්තෘ Staff writer

19 Feb, 2020 | 11:42 am

COLOMBO (News 1st) – රජයේ ආයතනවලට තාවකාලිකව අනියම් ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහයක සේවකයින් හා රියැදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාළ තොරතුරු ඉල්ලා අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛනයක් ද ඊයේ නිකුත් කෙරුණි.

ඒ, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් ය.

එම චක්‍රලේඛනයට අනුව ස්ථිර කරනු ලබන කාර්යාල සහයක සේවකයන් හා රියැදුරන් දින 180 ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර ඒ සඳහා වන නියමිත අධ්‍යාපන සුදුසුකම් ද සපුරා තිබිය යුතු වේ.

අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති සේවකයින්ට ආයතන ප්‍රධානීන් විසින් තාවකාලික පත්වීම් ලිපි නිකුත් කරනු ලබන අතර තාවකාලික පත්වීම් ලිපි නිකුත් කර මාස 3 ක් ඇතුළත විධිමත් පත්වීම් ලිපි නිකුත් කිරීම සඳහා ලිපි ගොනු ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත එවන ලෙස ද එම චක්‍රලේඛනයෙන් උපදෙස් දී ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]