මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ 6කට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ 6 කට මරණ දඬුවම

by Staff writer 19-02-2020 | 2:37 PM
COLOMBO (News 1st) : මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් 6 දෙනෙකුට ගාල්ල මහාධිකරණය අද මරණ දඬුවම් නියම කළේ ය. 2011 වසරේ ජනවාරි මස 29 වනිදා රත්ගම ප්‍රදේශයේදී යකඩ පොලුවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබිණ. නඩුව විභාග කළ විනිසුරු වසන්ත ජිනදාස මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ, සැකකරුවන්ට එරෙහිව නැගූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බවයි.