තව ත් පොලිස් නිලධාරීන් 26,000 කට උසස්වීම් ලබාදීමට අනුමැතිය

තව ත් පොලිස් නිලධාරීන් 26,000 කට උසස්වීම් ලබාදීමට අනුමැතිය

තව ත් පොලිස් නිලධාරීන් 26,000 කට උසස්වීම් ලබාදීමට අනුමැතිය

කර්තෘ Staff writer

19 Feb, 2020 | 10:14 am

COLOMBO (News 1st) – තව ත් පොලිස් නිලධාරීන් 26,000 කට උසස්වීම් ලබාදීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

එහි ලේකම් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේ, පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා වූ නිලධාරීන් සඳහා මෙම උසස්වීම් ලබා දෙන බවයි.

පසුගිය වසරේ ජූලි මස 01 වැනි දා සිට මේ වසරේ ජනවාරි 01 වැනි දා දක්වා කාලය පදනම් කර ගනිමින් මෙම උසස්වීම් ලබාදීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවිය.

ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ, ඊයේ ලබාදුන් තම අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ උසස්වීම් නුදුරේදී ලබා දෙනු ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]