කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කෙරේ

කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කෙරේ

කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කෙරේ

කර්තෘ Staff writer

19 Feb, 2020 | 6:07 pm

COLOMBO (News 1st) : බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළේ ය.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ඊට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඊට ඇතුළත් ය.

අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ශෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, සහ වනිඳු හසරංග සංචිතයට ඇතුළත් වෙති.

ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් සහ ලහිරු කුමාර සංචිතය සඳහා නම් කළ සෙසු ක්‍රීඩකයෝ වෙති.

තරග 3 කින් සමන්විත තරගාවලියේ පළමු තරගය ලබන 22 වන දා කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

මේ දක්වා දෙරට අතර පැවති එක්දින තරග 57 න් කොදෙව් කණ්ඩායම තරග 28ක් ජය ගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ, තරග 26ක් පමණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]