කපිල සහ බිරිඳ ප්‍රියංකා යළි රිමාන්ඩ්

කපිල සහ බිරිඳ ප්‍රියංකා යළි රිමාන්ඩ්

කපිල සහ බිරිඳ ප්‍රියංකා යළි රිමාන්ඩ්

කර්තෘ Staff writer

19 Feb, 2020 | 5:00 pm

COLOMBO (News 1st) : ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය ලබන 4 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 6 වනදා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගැනිණ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගෙන එය ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට විශුද්ධිකරණය කළ බව කියන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]